අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් වැළඳී මියයයි

අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් වැළඳී මියයයි

අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් වැළඳී මියයයි

කර්තෘ Sagarika Chathumali

18 Oct, 2021 | 6:43 pm

COLOMBO (NEWS1ST): අමෙරිකා එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවෙල් මහතාගේ පවුලේ සාමාජිකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 84 හැවිරිදි පවෙල් මහතා කොවිඩ් – 19 සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි.

හිටපු ඉහළ පෙළ හමුදා නිලධාරියෙකු ද වන පවෙල් මහතා හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ 2001 වසරේදී අමෙරිකාවේ පළමු අප්‍රිකානු – අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා බවට ද පත්විය.

පවෙල් මහතා මියයන විට පූර්ණ එන්නත්කරණයට ලක්ව සිට ඇති බව ද පවුලේ ඥාතීන් උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]