විදුලි රැහැනක ගැටීමෙන් දෙදෙනෙකු මරුට..

විදුලි රැහැනක ගැටීමෙන් දැරියක් හා තරුණයෙකු මරුට

by Staff writer 17-10-2021 | 1:36 PM

COLOMBO (News 1st) – ඇඹිලිපිටිය, කොළොන්න, පිටවෙල ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 17 හැවිරිදි දැරියක් සහ තරුණයෙකු එලෙස මියගොස් ඇති බවයි. මියගිය තරුණයාගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. කොළොන්න පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.