ලබන 21 සිට දුම්රිය ධාවනයට එක් කිරීමට පියවර

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනයට එක් කිරීමට පියවර..

by Staff writer 17-10-2021 | 7:30 AM

COLOMBO (News 1st) – ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රිය 128ක් ඒ අනුව එදින ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවය. ඒ අනුව මහනුවර , මාතර , බෙලිඅත්ත , ගාල්ල සහ හලාවත යන ප්‍රදේශවලට දුම්රිය ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.