පෞ. උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම්..

ලබන 01 වැනිදා සිට පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම්..

by Staff writer 17-10-2021 | 8:01 AM

COLOMBO (News 1st) – ලබන මස 01 වැනිදා සිට පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඒ සඳහා අවසර ලබා දීමට අපේක්ෂා කරන බවය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී මේ පිළිබඳ සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.