මුලතිව් ළිඳකින් T56 උණ්ඩ තොගයක්

මුලතිව් ළිඳකින් T56 උණ්ඩ තොගයක්

by Staff writer 17-10-2021 | 1:40 PM

COLOMBO (News 1st) – මුලතිව්, තීතගරය , කල්ලපාඩු ප්‍රදේශයේ ළිඳක තිබී T56 උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) කළ මෙහෙයුමකදී ය. එහිදී සොයා ගෙන ඇති T56 උණ්ඩ ගණන 1,529 කි. අදාළ උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.