බිලියන 9ක පොහොර උඩින් එයිද?

බිලියන 9ක පොහොර උඩින් එයිද?

by Staff writer 17-10-2021 | 9:11 PM

COLOMBO (News 1st): ඉන්දියාවෙන් මෙරටට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ගෙන්වීම පිළිබඳ හෙට(18) අවසන් තීන්දුවක් ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් රැස්වීමක් හෙට උදෑසන 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවය. එහිදී ගනු ලබන අවසන් තීන්දුවට අනුව අනිද්දා වනවිට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින් මෙරටට ගෙන ඒමට හැකිවෙතැයි ඔහු සඳහන් කළේ ය. මෙරටට ආනයනය කිරීමට අපේක්ෂිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂ 22ක සදහා වැය වන මුදල රුපියල් බිලියන 9 කි.