නීති විරෝධීව ගිනි අවි නිෂ්පාදනය කළ අයෙකු දැලේ...

නීති විරෝධීව ගිනි අවි නිෂ්පාදනය කළ අයෙකු දැලේ...

by Staff writer 17-10-2021 | 1:01 PM

COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී ගිනි අවි 05ක් හා අවි සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සිය භාරයට ගත් බවය. සැකකරුගෙන් ගිනි අවි මිලදී ගත් තවත් දෙදෙනෙකු ගිනි අවි 03ක් ද සමග තිස්සමහාරාම, බෙරලිහෙළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.