දීර්ඝ සති අන්තයේ මහජන ඒකරාශිවීම් වලින් වළකින්න

දීර්ඝ සති අන්තයේ මහජන ඒකරාශිවීම් වලින් වළකින්න - පොලීසියෙන් දැනුම් දීමක්

by Staff writer 17-10-2021 | 1:38 PM

COLOMBO (News 1st) – දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක බවය. මේ අතර ගෙවුණු දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52ක් අත්අඩංගුවට ගෙන තිබේ. පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන්නන් පරීක්ෂා කිරීමට මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.