තවත් දත්ත මගඩියක් : සුදුළුෑණු වංචාවෙත් දත්ත වෙනස් කරලා..

by Staff Writer . 17-10-2021 | 11:28 PM

COLOMBO (NEWS1ST):  සුදුළූණු වංචාව සම්බන්ධයෙන් තවත් දත්ත මගඩියක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ.

සුදුළූණු වංචාව සිදුවූ දිනට පසුදින සුදුඵෑණු වංචාවේ තොරතුරු වෙනසකට ලක්කර ඇති බව අධිකරණය හමුවේ හෙළි වීමත් සමගයි. මේ පිළිබඳව අධිකරණයට දැනුම් දෙනු ලැබ ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. සුදුළූණු වංචාව සිදුවූ දිනට පසුදින ලංකා සතොස පරිගණක දත්ත වෙනස් කර ඇති බවට සතොස තාක්ෂණික අංශයේ සහකාර කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබිණ. මේ පිළිබඳව අප කළ විමසීමකදී ලංකා ස.තො.ස සභාපති හිටපු මේජර් ජෙනරල් ආනන්ද පීරිස් මහතා අද එය පිළිගත්තේ ය. ඔහු ප්‍රකාශ කළේ, ලංකා සතොස දත්ත පද්ධතියේ නඩත්තුව පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවයි. එසේ නම්, රජයේ ආයතනවල දත්ත පිළිබඳව තවදුරටත් විශ්වාස තැබිය හැකි ද ? මෙලෙස දත්ත මැකෙන්නේ නම්, යට යන වංචා ප්‍රමාණය සිතාගත නොහැකියි. ජනතා විමුක්ති පෙරමුුණු හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා දත්ත මැකීම් සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළේ ය.
''බන්දුල ගුණවර්ධන සුදුළූණු පොඩි කරන්න හැදුවා රටට. හැබැයි වැඩේ මාට්ටු. දැන් මොකද වෙලා තියෙන්නේ? තොරතුරු මැකිලා. බන්දුල ගුණවර්ධන මහත්තයා හෙට ඇවිල්ලා කියයිද දන්නේ නෑ වයිමා ඇවිල්ලා මැකුවා කියලා .මොකද පහුගිය දවස්වල අපි දැක්කා ඖෂධ ගෙන්විම හා ඖෂධ නියාමන අධිකාරියේ තියෙන තොරතුරු මකලා තිබිබා . තොරතුරු ගබඩා මකන එක තොරතුරු අතුරුදහන් කරන එක දැන් රාජපක්ෂ ආණ්ඩුවේ විලාසිතාව බවට පත්වෙලා තියෙනවා .ඇමෙරිකන් පුරවැසිභාවය සම්බන්ධයෙනුත් ප්‍රශ්නේ මෙහෙම්ම තිබුණා. ඒ නිසා ද්විත්ව පුරවැසි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් මෙහෙයුමක් පටන් අරන් තියෙනවා. මේ තොරතුරු මැකිම පුරුද්දක් කිරිම සඳහා වෙච්ච මෙහෙයුමක් .අපිට තියෙන බරපතළම ප්‍රශ්නේ මේ සුදුළූණු වංචාව සම්බන්ධයෙන් තොරතුරු මැකිම හරහා මොකක්ද කියන්නේ රටට? හොරකම් කරන හැම එකාටම කියනවා උබලා තොරතුරු මකලා නැතිවුණා කියපල්ලා කියලා .මේ මේ එතනට යන්නේ රට. මේවා මේ රටේ ජනතාවට අයිති දේවල් .හොරු දුෂිතයෝ වංචාකාරයෝ කාලෙන් කාලෙට ඇවිල්ලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේවා මකලා දාලා විනාශ කරලා යනවා කියන්නේ රට විනාශ කරලා යන එක තමයි. සමහර විට කියයිද දන්නේ නෑ. නඩු දාන්න තොරතුරු නෑ කියලා.මැකිලා කියලා .ඒ නිසා දැන් රට හැමතැනම තොරතුරු පද්ධති මකා දැමිමේ මෙහෙයුමක් ද මේ පටන් අරන් තියෙන්නේ? ඒ නිසා අපි දාපු නඩුවල තොරතුරුත් මැකිලා ටික දවසක් යනකොට නඩු දාපු අපිට හිරේ යන්න වෙලා හිරේ යන්න ඕන අය නිදහසේ ඉදියිද දන්නෙ නෑ. අප හෙට අනිද්දා මහින්දානන්ද මහත්තයා කියයි ද දන්නේ නෑ පොහොර ගෙනාපු එක බොරු වාර්තාවක් දුන්නේ . කලින් දිපු එක නෑ.ඒකේ තොරතුරු මැකිලා .දත්ත මැකිලා''
දත්ත මැකී යෑම පිළිබඳව අවධානය යොමු වූයේ NMRA හෙවත් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී තොරතුරු අහිවීමත් සමගයි. ඒ ගැන සෙවීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කෙරිණ. එහි සෙසු සාමාජිකයන් වන්නේ, ? මහාචාර්ය මැනික් හෙට්ටිහේවා ? ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් ? ඒ. එච්. ගමගේ ? වෛද්‍ය ප්‍රසාද් කොළඹගේයන අයයි. ඔවුන්ගේ අතුරු වාර්තාව මේ වන විටත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දී තිබේ. එම වාර්තාවේ නිර්දේශ මොනවාද ? මැකී ගිය දත්ත යළි ලබාගැනීමට ගන්නා ඉක්මන් පියවර මෙන්ම මෙම දත්ත මගඩියේ මහ මොළකරුවන් ගැන මෙහි සඳහන් වන්නේ මොනවාද ? ජනතාව වන ඔබටත් මටත් අතිශය සංවේදී ජාතික ආරක්ෂාවට මෙතරම් සංවේදී තොරතුරු හා දත්ත මැකීයාමේ මේ අත්භූතජනක සිද්ධිය පිටුපස සිටින්නේ කවුද?