තවත් කොවිඩ් ආසාදිතයින් 316 කට සුවයි..

තවත් කොවිඩ් ආසාදිතයින් 316 කට සුවයි..

by Staff writer 17-10-2021 | 3:53 PM

COLOMBO (News 1st) –  කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 316 ක් අද(17) සුවය ලැබුවේ ය.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 492 ,621 කි. කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 24,972 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 531,070 කි. කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 13,472 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.