තරුණයෙකුගේ දෑත් වෙන්වන ලෙස කපා දැමූ සාහසික ප්‍රහාරය

by Staff Writer . 17-10-2021 | 9:39 PM

COLOMBO (NEWS1ST): අද (17) පෙරවරුවේ, බණ්ඩාරගම වල්ගම නිවාස සංකීර්ණයක් අසලදී තිරෝද රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට කිසියම් පිරිසක් තියුණු ආයුදයකින් පහරදී තිබිණ.

එක් පුද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ පහරදී තිබූ අතර අනෙක් පුද්ගලයාගේ වම් අතට හානි කර තිබිණ. පොලීසියට තොරතුරු දැනුම් දී තිබුණේ ද පහරදීමෙන් වම් අතර හානි වූ පුද්ගලයායි. අත් දෙකම වෙන් වන සේ ප්‍රහාරයට ලක් වූ අනෙක් පුද්ගලයා වල්ගම සුසාන භූමිය ඉදිරිපිට වැටී සිටියදි සොයාගෛන තිබිණ. පොලීසිය අනුමාන කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් බවටයි.