කැලණියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

කැලණියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

by Staff writer 17-10-2021 | 9:47 AM

COLOMBO (News 1st) – කැලණිය, බතලහේන වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කැලණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.