ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්..

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්..

by Staff writer 17-10-2021 | 8:08 AM

COLOMBO (News 1st) – ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත එම ණය කඩිනමින් ලබා ගන්නා බවය. ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමට මෙරට බලශක්ති අමාත්‍යාංශයේ හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන් අත්සන් කිරමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ ය.