පුරාවස්තු කැනීම් කළ කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට

පුරාවස්තු කැනීම් කළ කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට

by Staff writer 17-10-2021 | 10:58 AM

COLOMBO (News 1st) – පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකාරියක් සහ සැකකරුවන් තිදෙනෙකු පානම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, නිවසක් තුළ ඔවුන් එම කැනීම් සිදු කර ඇති බවයි. ඔවුන් අවුරුදු 40, 42, 18, සහ 38 යන වයස්වල පසුවන්නන් ය. සැකකරුවන් පැමිණි මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක්, කැනීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අද(17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.