නාඩු සහල් තොගයක් අද මෙරටට..

ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නාඩු සහල් තොගයක් අද කොළඹට..

by Staff writer 17-10-2021 | 8:14 AM

COLOMBO (News 1st) – ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් අද(17) කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙම නෞකාවෙන් දිවයිනට රැගෙන එන බවය. ඇනවුම් කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට ලැබුණි. වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දියාවෙන් ආනයනය කරන ඉතිරි සහල් තොගය ද මේ මාසය ඇතුළත දිවයිනට ලැබෙන බවය. ඒ අනුව, සතියකට නැව් 3 බැගින් වන ලෙස එම සහල් තොගය මෙරටට රැගෙන එනු ලබයි. මේ අතර ඉන්දියාවෙන් ඇනවුම් කළ පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ද නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ ය. අමාත්‍යාංශය පැවසුවේ, මෙම සහල් සතොස හා සමූපකාර අලෙවිසැල් හරහා බෙදා හැරීමට නියමිත බව ය.