හරිත කෘෂිකර්මාන්තයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශයට පත් කෙරේ

by Staff Writer . 16-10-2021 | 8:35 AM

COLOMBO (NEWS1ST): හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සාමාජිකයින් සංඛ්‍යාව 14 කි. * විජිත් වැලිකල, *ලලිත් සෙනෙවිරත්න , *එස්. කේ. බී. කසුන් තාරක අමල් *මාලින්ද සෙනෙවිරත්න *ආර්. බී. රසික තුසිත කුමාර *ආචාර්ය පී. කේ. ජේ. කාවන්තිස්ස *සමන්ත ප්‍රනාන්දු *සමුදිත කුමාරසිංහ *අජිත් රන්දුනු *එන්. එම්. කලීඩ් *ෂම්මි කිරින්දේ *නිර්මලා කරව්ගොඩ *චමින්ද හෙට්ටිකංකානන්ගේ *නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු එම කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ වෙති. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ විජිත් වැලිකල මහතායි. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත ශ්‍රී ලංකාවක් ඇති කිරිමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී ති‌බේ. හරිත කෘෂිකර්මාන්තය තිරසරව පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම විවිධ භෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනා ගැනීම සහ පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, කෘමිනාශක සහ වල්නාශක දේශීයව නිෂ්පාදනය කිරීම වැනි හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමේ අරමුණ බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.