රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

by Staff Writer . 16-10-2021 | 11:35 AM

COLOMBO (NEWS1ST): රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් සබ්මැරින් 2 ක් හා යුද නෞකාවක් අද (16) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

එම නෞකා ඇතුළු බලඝණය ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිගනු ලැබුවේ සම්ප්‍රදායනානුකූලවයි. කොවර්ට් වර්ගයේ යුද නෞකාවක් හා B – 603 සහ B – 274 යන සබ්මැරීනවලින් සමන්විත නෞකා බලඝනයක් එලෙස අද කොළඹ වරායට ළඟා වී තිබිණ. සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට ළඟ වූ ග්‍රෙමිෂියේ යුද නෞකාව දිගින් මීටර 107ක් වන අතර සබ්මැරීන දෙක දිගින් මීටර 73 කි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කොළඹ වරායේ මගී පර්යන්තයේදී එම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණය නිරීක්‍ෂණය සඳහා එක්විය.