අතුරලියේ රතන හිමි පක්ෂයෙන් ඉවතට

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

by Staff Writer . 16-10-2021 | 1:10 PM

COLOMBO (NEWS1ST):  අපේ ජන බල පක්ෂයේ පත් පත් කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පක්ෂයේ මහ ලේකම්වරයා ඊයේ ඒ බව ලිඛිතව දැනුම් දුන් බවයි. මේ පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ද ලිඛිතව දැනුවත් කළ බව නිව්ස් ෆස්ට් කළ විමසිමකදී අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් නිශාන්ත රත්නායක මහතා සඳහන් කළේ ය. ‍ඔහු පැවසුවේ, කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට අපේ ජනබල පක්ෂය තීන්දු කර තිබුණ ද ,එම තීන්දුව නොතකා තම පෞද්ගලික අභිමතය පරිදි පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා යටතේ කළ විනය පරීක්ෂණයේ තීන්දුව අනුව රතන හිමියන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කළ බවයි. මැතිවරණ කොමිසමේ ඉදිරි ක්‍රියාමාර්ග අනුව සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වෙනත් අයකු පත් කිරීමට පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ඇති බව නිශාන්ත රත්නායක මහතා පැවසී ය. මේ අතර නිවුස් ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ, අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට සඳහන් ලිපියක් මෙතෙක් තමන් වෙත නොලැබුණු බවයි.