පළාත් සීමා පනින්න හැදූ 223 ක් හරවා යැවේ

පළාත් සීමා පනින්න හැදූ 223 ක් හරවා යැවේ

by Staff Writer . 16-10-2021 | 11:59 AM

COLOMBO (News 1st) - නිසි අවසරයකින් තොරව බස්නාහිර පළාතට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 223 කු හා වාහන 129 ක් ගෙවුණු පැය 24 තුළ ආපසු හරවා යැවූ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් ප්‍රකාරව පළාත් මායිම්වල පරීක්ෂා කිරීම් දැඩි කර ඇති බවයි. ඒ අනුව බස්නාහිර පළාත් මායිමේ පිහිටුවා ඇති මාර්ග බාධක සංඛ්‍යාව 13 කි. යුද හමුදාව හා පොලීසිය ඒකාබද්ධව එම මාර්ග බාධකවලදී පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.