COLOMBO (NEWS1ST): රටට නොසුදුසු බවට වාර්තාවලින් තහවුරු වන පොහොර රැගැත් නැව ආපසු හරවන බවට ආණ්ඩුව පැවසුව ද එය ක්‍රියාත්මන වී නැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
''නුසුදුසු යැයි කියපු පොහොර ටික අන්න ආපහු ගෙන්නන්න හදනවා. ගෙන්නන හදනවා නෙවෙයි දැන් නැව එනවලු ආපහු සුදුසු නැහැ කියලා වාර්තා පිට වාර්තා ලබා දුන්න අවස්ථාවේ කිව්වේ මේ පොහොර භාවිතයට සුදුසු නෑ අපි ඒවා ආපහු යවනවා කිව්වා''
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද තිස්ස මහාරාම රන්මිණිතැන්න ගොවි බිම්වල ගැටලු සොයා බැලූ අවස්ථාවේදී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, ගොවි ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවයි.
අද ජනතාව පත්ව ඇති තත්ත්වයට සම්පූර්ණයෙන් ආණ්ඩුව වගකිව යුතුව ඇති බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර සිටියේ ය.