COLOMBO (NEWS1ST): අපේ ජන බල පක්ෂය අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
එහි ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා පැවසුවේ, එකවරම රසායනික පොහොර අත්හිටුවා කාබනික පොහොර අර්බුදය නිර්මාණය වූයේ, රතන හිමියන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බවයි.
''රසායනික පොහොර එකපාරම නවත්තලා කාබනික පොහොර අර්බුදය ආවේ රතන හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන්. එකේ ප්‍රධාන අරමුණ වුණේ උන්වහන්සේ පොහොර නිෂ්පාදන උන්වහන්සේගේ පිරිසකට ලබා දීලා ඒ තුළින් ආදායම ඉපයීම. අපිට ලැබිල තියෙන ආරංචි මාර්ග අනුව විශාල පොහොර නිෂ්පාදනයක් කරලා කාබනික පොහොර රජයට සපයනවා යැයි කියන කොන්ත්‍රාත්තුවක වැඩපිළිවෙළක යන්නේ මේක පක්ෂය ගමනක් නෙමෙයි ඇත්තටම''