ඌව පරණගම ආරවුලක් අවසානයේ අයෙක් මරුට

ඌව පරණගම ආරවුලක් අවසානයේ අයෙක් මරුට

by Staff Writer . 16-10-2021 | 10:52 AM

COLOMBO (NEWS1ST):  ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (15) පස්වරුවේ කිහිපදෙනෙකු සමග ඇති වූ ආරවුලකදී සිදු වූ පහරදීමකින් ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කොහිලේගම මස්පන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මළ සිරුරු වැලිමඩ රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.