home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශයට පත් කෙරේ
by Staff Writer .
16-10-2021 | 8:35 AM
COLOMBO (NEWS1ST):
හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සාමාජිකයින් සංඛ්‍යාව 14 කි. * විජිත් වැලිකල, *ලලිත් සෙනෙවිරත්න , *එස්. කේ. බී. කසුන් තාරක අමල් *මාලින්ද සෙනෙවිරත්න *ආර්. බී. රසික තුසිත කුමාර *ආචාර්ය පී. කේ. ජේ. කාවන්තිස්ස *සමන්ත ප්‍රනාන්දු *සමුදිත කුමාරසිංහ *අජිත් රන්දුනු *එන්. එම්. කලීඩ් *ෂම්මි කිරින්දේ *නිර්මලා කරව්ගොඩ *චමින්ද හෙට්ටිකංකානන්ගේ *නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු එම කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ වෙති. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ විජිත් වැලිකල මහතායි. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත ශ්‍රී ලංකාවක් ඇති කිරිමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබේ. හරිත කෘෂිකර්මාන්තය තිරසරව පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම විවිධ භෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනා ගැනීම සහ පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, කෘමිනාශක සහ වල්නාශක දේශීයව නිෂ්පාදනය කිරීම වැනි හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමේ අරමුණ බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
වෙනත් ලිපි
ස්ටාර්ලින්ක් පහසුකම දැන් ශ්‍රී ලංකාවේදී
යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට...
දින 2කදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී
ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති.
4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතිය..
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය