by Staff Writer . 16-10-2021 | 9:25 PM
COLOMBO (NEWS1ST): චීනය ද පොහොර සැපයුමට මැදිහත්ව සිටින බවට සිලෝන් ටුඩේ පුවත්පත් වාර්තාවක සඳහන් වේ.
එම පුවතට අනුව චීන පෙහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව සැප්තැම්බර් 22 වැනිදා චින්ගාඩෝ වරායෙන් පිටත්ව ඇති බව වෙසල් ට්‍රැකර් හෙවත් නාවුක දත්ත තොරතුරු පද්ධතියෙන් තහවුරු වී ඇත.
කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් මේ නෞකාව දින දෙකකට පෙර සිංගප්පූරුවේ ස්ථාන ගත වී තිබු අතර එය මේ වන විට මලක්කා සමුද්‍ර සන්දිය ආශ්‍රිත මුහුදු කලාපයේ යාත්‍රා කරමින් තිබේ.