ඉන්දීය යුද හමුදා ප්‍රධානියා නාවික හමුදාපති හමුවෙයි

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා නාවික හමුදාපති හමුවෙයි

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා නාවික හමුදාපති හමුවෙයි

කර්තෘ Staff Writer .

16 Oct, 2021 | 4:38 pm

COLOMBO (NEWS1ST):  මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද පෙරවරුවේ හමුවිය.

ඒ නාවික හමුදා මූලස්ථානයේදී ය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දීය යුද හමුදා ප්‍රධානියා, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන‍ පරිශ්‍රයේ දී විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාර දැක්වීය.

නිල හමුවේදී ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ හමුදාවන්ට අදාළ වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගත් අතර, හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]