COLOMBO (NEWS1ST): ජනාතාවට දරාගත නොහැකි ජීවන වියදමට සහනයක් ලබා දෙන ලෙසට ආණ්ඩුවට බල කිරීමේ විරෝධතාවක් අද කැස්බෑව මංසන්ධියේදී පැවැත් විය.
එය සංවිධානය කරනු ලැබ තිබුණේ, සමගි ජන බලවේගය විසිනි.
සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විරෝධතාවට එක්ව සිටියේ ය.
එහිදී අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් ජනතා පීඩන වධකාගාරයක් නිර්මාණය කර ඇති බවයි.
රටකට සංවර්ධන අවශ්‍ය වුවත් සංවර්ධනය කිරීමට ප්‍රථමයෙන්, රටක් , ජනතාවක් ඉතිරි වී සිටිය යුතු බවත් රටක පාලකයින් කළ යුත්තේ, ජනතාවගේ දුක නිවාලීම බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේ ය.
''බඩු මිල වැඩි කරනවා. බඩු මිල වැඩි කරන ඒ අරමුදල්වලින් මොකක්ද කරන්නේ දේශපලනඥයින්ට සංවර්ධනයේ නාමයෙන් මිලියන සීය දෙසීය බෙදනවා. අපි ආණ්ඩුවට කියන්න කැමතියි. සංවර්ධන කෙරෙන්න ඕනි. නමුත් සංවර්ධනය කෙරෙන්න රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනි. ජනතාවක් ඉතුරු වෙලා තියෙන්න ඕනී. ජනතාව හාමතේ බඩගින්නේ තබන්න බෑ. මේ ආණ්ඩුවේ ඉන්න මහලොකු මොළ හතේ මුදල් විශාරදයින්ට බැරි වෙලා තියෙනවා. රටේ ජනතාවට සහන ලබා දෙන්න. දැන් මේ ආණ්ඩුව රටේ ජනතාවට නිර්මාණය කරලා තියෙන්නේ ජනතා පීඩන වධකාගාරයක්. රටට පාලකයෝ ඉන්න ඕනී ජනතාව වෙනුවෙන් දුක් විඳලා දුෂ්කර ක්‍රියා කරලා ජනතාවගේ දුක නිවාලන්න. මෙතන සිද්ධ වෙන්නේ පාලකයෝ කෙසේ වෙතත් ජනතාව දුෂ්කර ක්‍රියා කරවන තැනට ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා''