''මගේ අදහස මට කියන්න බැරි වෙන්න බැහැ නේ, එහෙනම් මම හරකෙක් නේ'' - එස්.බී.

by Staff Writer . 15-10-2021 | 9:15 PM

COLOMBO (NEWS1ST):  කිසියම් වෘත්තිය සමිතියක් සීමාව ඉක්මවා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙන යන්නේ නම්, එය නතර කොට රජයේ තීරණය ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, මර්දනයකින් හෝ තර්ජනයකින් රාජ්‍ය බලය භාවිත කර විරෝධතා ක්‍රියාමාර්ග නතර කර රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
''මර්දනයක් වෙන්න පුළුවන්, තර්ජනයක් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්, මොනවා වුණත් ඒ විරෝධතා ක්‍රියාමාර්ග නතර කරන්න,, රාජ්‍ය බලය පාවිච්චි කරලා රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක ඉතිහාසයේ විවිධ රාජ්‍ය නායකයින් මේ රටේ කරලා තියෙනවා''
මාධ්‍යවේදී ප්‍රශ්නය :- අපි දැක්කා ජෝසෆ් ස්ටාලින් මහත්තයා ඔබතුමාට දැම්මෙ බලයක් නැති හින්දා... පිළිතුර (එස්. බී. දිසානායක) :- ඒක කමක් නැහැ එතුමා කියන කතාව ඇත්ත නේ. ඇමතිවරයෙක් නෙවෙයි කියලා මට මගේ,, මම අවුරුදු 15ක් නොකඩවා මේ රටේ කැබිනට් අමාත්‍යාංශය නමයක් දරපු පුද්ගලයෙක්. මගේ අදහස මට කියන්න බැරි වෙන්න බැහැ නේ. එහෙනම් මම ඉතිං හරකෙක් නේ. නමුත් එතුමා ඒ කියන දේ ඇත්ත මට බලයක් නෑ.