දේශීය කිරිපිටි මිල ත් ඉහළට

දේශීය කිරිපිටි මිල ත් ඉහළට

by Sagarika Chathumali 15-10-2021 | 11:40 AM

COLOMBO (NEWS1ST) : දේශීය කිරි පිටි මිළ ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ.

එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 225 කින් සහ ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 90 කින් ඉහළ දමන බවයි. ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක නව මිල රුපියල් 1,170 ක් වනු ඇති. මිල වැඩි කිරීමත් සමග ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල සටහන් වන්නේ, රුපියල් රුපියල් 470 ක් ලෙසයි.