ගුරු වර්ජනය මර්දන සූදානමක්

ගුරුවරුන්ට බාධා කළොත් වැඩ වරදී... ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

by Staff Writer . 15-10-2021 | 9:42 PM

COLOMBO (NEWS1ST):  21 වැනිදා තෝරා ගත් ප්‍රාථමික පාසල් විවෘත්ත කිරීමට නියමිතයි.

එහෙත් ගුරු වර්ජනය තවමත් විසඳී නොමැත. ගුරු වර්ජනය නොතකා සේවය කරන ගුරුවරුන්ට තර්ජනය කළ හොත් දැඩි පියවර ගන්න බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත වීරසේකර මහතා අද (15) මහනුවර පොල්ගොල්ලේ පැවති ප්‍රජා පොලස් නියමු ව්‍යාපෘතියක් අතරතුර ප්‍රකාශ කළේ ය.
''මේ වර්ජනය නොතකා සේවය කරන අයට තර්ජනය කරන්න ආවොත් එදාට මේ පොලිසියේ අපි ඇත්ත වශයෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන දැඩි දඬුවම් ක්‍රියා පටිපාටියක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙන්න පුළුවන් කමක් නෑ නමුත් ,, වැඩ කරන ගුරුවරුන්ට කිසිම කරදරයක් නොවෙන්න පොලිස්පති තුමා සහ ලේකම්තුමා දැනටමත් මං හිතන්නේ අවශ්‍ය කරන උපදෙස් දීලා ඇති''
අමාත්‍යවරයා එහිදී පැවසුවේ, ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණවුවත් අසාධාරණ වුවත්, ගුරු වර්ජනය සාධාරණීකරණය කළ නොහැකි බවයි. උතුරු - නැගෙනහිර දරුවන්ට මෙන්ම ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු වන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ,  අනෙකුත් රජයේ පාසල්වල සිසු දරුවන් මෙම වර්ජනයෙන් පීඩාවට පත්ව සිටින බවයි.