තවත් කොරෝනා මරණ 20 ක්

කොවිඩ් මරණ 13,449 ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 15-10-2021 | 5:13 PM

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 20 ක් අද (15) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,449 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 09 දෙනා කාන්තාවන් ය. මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද වේ. ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 05දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 14 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (15) වාර්තා කරන ලද මෙම මරණ 20 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.