කොකේන් ගුලි 100ක් ගිල මෙරටට ආ කාන්තාවක් රේගු භාරයට

කොකේන් අඩංගු ගුලි 100ක් ගිල මෙරටට ආ උගන්ඩා කාන්තාවක් රේගු භාරයට

by Sagarika Chathumali 15-10-2021 | 8:36 PM

COLOMBO (NEWS1ST) :  කොකේන් අඩංගු ගුලි 100ක් ගිල, උගන්ඩාවේ සිට කටාර් හරහා දිවයිනට පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

මෙම කොකේන් තොගය එම කාන්තාවගේ උදරයේ සඟවා තිබෙන බව සොයා ගෙන ඇත්තේ, කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ ගේට්ටුවේදී කළ ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකයක් මත මගීන් පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේදී ය. එම අවස්ථාවේ දී ඇය තම උදරයේ කොකේන් අඩංගු ගුලි 100 ඇති බව ප්‍රකාශ කර ඇති අතර මේ වන විට ඉන් ගුලි 51 ඉවතට ගෙන තිබේ.