ඇමරිකාවේ සරසවියක ගෝලීය උපදේශක මණ්ඩලයට ලාංකිකයෙක්

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක ගෝලීය උපදේශක මණ්ඩලයට, ලාංකිකයෙක්

by Staff Writer . 15-10-2021 | 7:18 PM

COLOMBO (NEWS1ST) : කැපිටල් මහරාජා සංවිධානයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් ලොව පැරණිතම සහ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ (Brown University) ගෝලීය උපදේශක මණ්ඩලයට (Global Advisory Board) නැවත පත්වී ඇත.

මෙය ගෞරවණීය පත්වීමක් වන අතර, ඔහු එම විශ්වවිද්‍යාලයේම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරනු ලබයි. 1764 දී ආරම්භ කරන ලද බ්‍රවුන් විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදයේ පැරණිතම විශ්වවිද්‍යාලවලින් එකකි. ඇමරිකානු විප්ලවයට මූලික වූ නායකයින් කිහිප දෙනෙකු ද බිහිවූයේ මෙම විශ්වවිද්‍යාලයෙනි. ශෙවාන් ඩැනියෙල් 2017 වසරේ දී බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හා මහජන කටයුතු පිළිබඳ වොට්සන් ආයතනයේ (The Watson Institute of International & Public Affairs) මානව හිමිකම් හා මානුෂීය කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයට පත් කෙරුණි. ගෝලීය උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයින් අතරට හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch ) සංවිධානයේ ප්‍රධානියා සහ එක්සත් ජාතීන්ගේ (UN) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වැනි ජාත්‍යන්තර මානුෂීය නායකයින්ද, ඇතුළත් වේ.