අදින් (15) ඇරඹෙන මහ කන්නය...

අදින් (15) ඇරඹෙන මහ කන්නය...

by Sagarika Chathumali 15-10-2021 | 9:44 AM

COLOMBO (NEWS1ST) :  මහ කන්නයේ වගා කටයුතු අද (15) සිට ආරම්භ වේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙවර හෙක්ටෙයාර් ලක්ෂ 8 ක වී වගා කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙවර මහ කන්නය කාබනික පෙහොර යොදා වගා කිරිම විශේෂත්වයකි. ඒ සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටොයර් 652,000 ක් රුපියල් 7500 දීමනාව ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති බවයි. ඉන් හෙක්ටෙයාර් 3 75,000 කට රුපියල් 7500 බැගින් ලබාදී ඇති බව ද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.