home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
තවදුරටත් රට විවෘත කිරීමට අදාළව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ...
by Staff Writer .
15-10-2021 | 7:02 PM
COLOMBO (NEWS1ST) : 2021 ඔක්තෝබර් 16 වනදා සිට 31 දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කර තැබීමට අදාළව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා දැඩිව ක්‍රියාත්මකයි. දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා අවසර හිමි නොවන බව ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් ය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝදේශ අනුව නිවාසවලින් , නවාතැන්පොළවලින් පිටව යා හැක්කේ රැකියා සඳහා , සෞඛ්‍ය අවශ්‍යතා සහ අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ මිලදී ගැනීමට පමණි. නිවෙස්වල පැවැත්වෙන උත්සව, සාද ඇතුළු සියලු උත්සව , එක්රැස්වීම් සඳහා තවදුරටත් අවසර නොමැත. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘත කිරීමට අවසර හිමිව තිබේ. විවෘත වෙළෙඳපොළ සහ සති පොළවල් ප්‍රාදේශීය කමිටුවල, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කළ හැකියි. උපකාරක පන්ති, ප්‍රදර්ශන හා සම්මේලන පැවැත්වීමට තවදුරටත් අවසර නොමැත. අවමංගල්‍ය උත්සව මරණය සිදුව පැය 24 ක් තුළ සිදුකළ යුතු අතර ඕනෑම වේලාවක සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් 20 කට සීමා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව මාර්ගෝපදේශවල සඳහන් වේ. මංගල උත්සව සඳහා ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණනින් 25 %ක සීමාවට යටත්ව , උපරිමය 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විය හැකියි. එළිමහනේ පවත්වන මංගල උත්සවයක් නම් සහභාගී විය හැකි සංඛ්‍යාව 75 කි. ඇවිදින මංතීරු , වෙරළතීර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර දී තිබේ. පාසල් විවෘත කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒ අනුව සිසුන් 200 ට අඩු පාසල් පළමුවෙන් විවෘත කළ හැකියි. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව විවෘත කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ක්‍රීඩා කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි අතර කෙසේ වෙතත් නරඹන්නන් ඇතුළත් කර ගැනීමට අවසර හිමි නොවේ. සිනමා ශාලා 25% ක ධාරිතාවකින් විවෘත කිරීමට ලබන 21 වැනිදා සිට අවසර හිමිවේ. ව්‍යායාම ශාලා විවෘත කළ හැක්කේ 30% ක ධාරිතාවයකිනි. මේ අතර නැවත දැනුම් දෙනතුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට ද අවසර හිමි නොවේ.
වෙනත් ලිපි
ස්ටාර්ලින්ක් පහසුකම දැන් ශ්‍රී ලංකාවේදී
යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට...
දින 2කදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී
ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති.
4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතිය..
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය