වචනෙකින් හෝ කරදරයක් කළොත් නීතිය

''සේවයට එන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි ක්‍රියාමාර්ග'' - ඇමති වීරසේකර

by Staff Writer . 14-10-2021 | 10:09 PM

COLOMBO (NEWS1ST) : රාජකාරියට වාර්තා කිරීමට කැමති ගුරුවරුන්ට බාධා කළ හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

''මට බොහෝ ගුරුවරු කියලා තියෙනවා සර් අපි කැමැත්තෙන් නෙමෙයි මේක කරන්නේ, බලපෑමකට කියලා. නමුත් මහජන ආරක්ෂක ඇමති හැටියට එහෙයින් සේවය කරන්න එන ගුරුවරුන්ට තර්ජනය කරලා තිබ්බොත් අනිවාර්යෙන්ම අපි ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා''
අද මහරගම පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ හෝ අසාධාරණ වුව ද දරුවන් පීඩාවට පත්වීම තුළ ගුරු වර්ජනය සාධාරණීකරණය කළ නොහැකි බවයි. තව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ, ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණෙන ගුරුවරුන්ට වචනයකින් හෝ තර්ජනය කිරීමක් කළ හොත් මහජන ආරක්ෂක ඇමති ලෙස තමා සම්පූර්ණයෙන්ම වගකීම භාරගෙන නීතිය ක්‍රියාත්මක කරන බවයි.
''සේවයට එන ගුරුවරුන්ට තර්ජනය කරලා තිබ්බොත් අනිවාර්යෙන්ම අපි ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. කියන එක මේ අවස්ථාවේදී ඉතාමත් ඕනෑකමින් කියා සිටිනවා. වචනෙකින් හෝ කරදරයක් කළොත් ඒක මහජන ආරක්ෂක ඇමති හැටියට මා සම්පූර්ණයෙන්ම වගකීම භාර අරගෙන ඒ නීතිය අනුව ක්‍රියාත්මක කරනවා''
https://youtu.be/hf4i15V4ztk?t=74