by Staff Writer . 14-10-2021 | 11:09 PM
COLOMBO (NEWS1ST) : ඇමතිවරයකු ලෙස කටයුතු කළ වසර 5 ක කාලය තුළ දී රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපළ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනා යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 02 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඊර්ෂඩීන් මහතා අද නියෝග කළේ ය.
2010 වසරේ ජනවාරි පළමු වැනිදා හා 2014 වසරේ දෙසැම්බර් 31 වැනිදා කාලය අතරතුරදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණ. .