මොරවක බොක්කුවක් අසල පුද්ගල මළ සිරුරක්

මොරවක බොක්කුවක් අසල පුද්ගල මළ සිරුරක්

by Staff Writer . 14-10-2021 | 6:37 PM

COLOMBO (NEWS1ST) :  මොරවක ප්‍රදේශයේ බොක්කුවක් අසල තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (14) උදෑසන සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයා අඩු ආදායම්ලාභින් සඳහා රජය විසින් ලබාදුන් රැකියා ලක්ෂයේ රැකියා ලාභියෙකු ලෙස මොරවක පොලිස් ස්ථානයේ මුළුතැන්ගෙයි සහායක අරක්කැමියෙකු ලෙස සේවය කළ අයෙකු බවයි. 45 හැවිරිදි මෙම පුද්ගලයා නිවසින් පිටව ගොස් තිබුණේ, ඊයේ පස්වරුවේ ය. නැවත නිවසට නොපැමිණිම හේතුවෙන් සොයා බැලීමේදි නිවස අසල බොක්කුවක් ආසන්නයේ වැටි තිබී මළ සිරුර සොයා ගෙන තිබේ.