ඉන්දීය යුද හමුදාපති සාලියපුරට

ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් සංවත්සරයට එක්වූ ඉන්දීය යුද හමුදාපති

by Staff Writer . 14-10-2021 | 8:50 PM

COLOMBO (NEWS1ST) : දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ 38 වන අභිමානවත් සංවත්සරය අද (14) සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත් විය.

1983 වසරේ ඔක්තෝම්බර් 14 වනදා , 1 වන බලඇණිය ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ ගජබා රෙජිමේන්තුව අද සමරනු ලබන්නේ, සිය අභිමානවත් 38 වන සංවත්සරයයි. මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් මහතා එක් විය. එහිදී ඉන්දීය යුද හමුදා ප්‍රධානී වෙත කඳවුරු සම්මාන මුරයක හා අභීමානවත් යුද හමුදා පෙළපාළියක ගෞරවාචාර පිරිනැමිණ.