ඉරාන ජාතික රැඳවියන් 2 ක් මරුට.... තවත් 10 ක් රෝහලේ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන රැඳවියන් 2 ක් මරුට... තවත් 10 ක් රෝහලේ

by Sagarika Chathumali 14-10-2021 | 5:26 PM

COLOMBO (NEWS1ST) :  විෂබිජ නාශක දියර පානය කිරීමෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ඉරාන ජාතික රැඳවියන් දෙදෙනකු මියගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, තවත් රැඳවියන් 10 දෙනෙකු රෝගාතුර වී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වූවන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.