​හබරාදූවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

​හබරාදූවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Sagarika Chathumali 14-10-2021 | 3:18 PM

COLOMBO (NEWS1ST) :  හබරාදුව, පින්වත්ත මංසන්ධිය ආසන්නයේදී අද (14) දහවල් පුද්ගලයෙකු  වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු එලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පැවසී ය. යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති අතර සැකකරුවන් සොයා හබරාදුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.