COLOMBO (NEWS1ST) : සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සඳහා නීතිමය අනුමැතිය හිමිව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ග්‍රාහකයින්ට තමන් භාවිත කරන දුරකථන අංකය වෙනස් නොකොට කැමති දුරකත සමාගමක ජාලයක් තෝරාගෙන ජීවිත කාලයටම එය භාවිත කිරීමට අවස්ථාවක් සැලසේ.
''අද තත්ත්වය තමය අපි යම්කිසි සේවා සපයන්නන් කෙනෙක් සමග හිටියොත් අපි ඒ සේවාව ගැන සතුටු වුණත් නොසතුටු වුණත් අපි ඒ සේවාව ගැන අපිට වෙන සේවාවන් සපයන්නන් කෙනෙක් ළගට යන්න බෑ මොකද අවුරුදු 10 ක් අපි පාවිච්චි කරපු මොබයිල් නම්බර් එක අපිට අත ඇරගන්න බෑ. ඒක අපේ නැෂනල් අයිඩින්ටිටි කාඩ් එක වාගේ. අපි පෙරේදා සියලුම සේවා සපයන්නන් ගෙන්නලා අපි අන්තිම ගෝ හෙඩ් එක දුන්නා. එයාලට ක්ලියරින් හවුස් එක හදන්න. මේ ක්ලියරින් හවුස් එක කියන්නේ ඉස්සරහට සෙන්ට්‍රල් ඩේටා බේස් එකක් හැදෙන්න ඕනේ කියලා. එතකොට 071 ද? 077 ද? 075 කියන එක අදාළ වෙන්නේ නෑ. සඳුදා අපි මේක ලෝන්ච් කළා. දැන් විදුලි සංදේශ ක්ෂේත්‍රයට භාරයි මේක. අපි විදුලි සංදේශ නියාමන සභාව විදියට අවශ්‍ය සියලුම අනුමැතීන් අද මං උදේ අත්සන් කරලා ආවේ, ෆයිනල් ලෙටර්ස් ටික යවන්න ඔක්කෝම සී ඕ ස්ලාට. නම්බර් ෆෝර්ටර්බිලිටි එක ලබන මැයි මාසේ වෙනකොට අවසන් කරගන්නට පුළුවන්''
- විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක -