මාළුන්ට කෑම දෙන්න ගිය දරුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම

by Staff Writer . 14-10-2021 | 12:10 PM

COLOMBO (NEWS1ST) :  හොරණ, ගෝනපොල ඔලබොඩුව කන්ද ප්‍රදේශයේ අවුරුදු 11 ක් වයසැති පිරිමි දරුවකු තම නිවස අසල ළිඳකට වැටී මියගොස් තිබේ.

ඊයේ පස්වරුවේ දරුවා නිවසේ නැති නිසා සොයන විට ළිඳ ළඟ ඔහුගේ පාවහන් යුගල තිබී හමුවී තිබේ. එහිදී කළ සොයා බැලීමේදී ළිඳේ වැටී සිටි දරුවා ගොඩගත් අතර ඒ වනවිටත් දරුවා මියගොස් තිබේ. නිවැසියන් පැවසුවේ දරුවා පුරුද්දක් ලෙස ළිඳේ සිටින මාළුන් හට කෑම දීම සඳහා ළිං ගැට්ට උඩ නැග නූලක් ආධාරයෙන් කෑම ලබාදෙන බවයි. පොලීසිය සැක කරන්නේ දරුවා කෑම දෙන අවස්ථාවේ ලිස්සා ගොස් ළිඳට වැටී ඇති බවටයි. සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වෙන විට කළුබෝවිල රෝහලේ දේහය තැන්පත් කර තිබේ.