by Staff Writer . 14-10-2021 | 9:11 AM
COLOMBO (NEWS1ST) : ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5 %ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6 %ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති.
ඒ අනුව බැංකු පොලී අනුපාතය 9% ක් වන බව මහ බැංකුව සඳහන් කළේ ය.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 % යි.
සාර්ව ආර්ථික තත්ත්වයන් පිළිබඳව සලකා බැලීමෙන් පසු මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහබැංකුව නිවේදනය කළේ ය.