දැඩි සත්කාරවල කොරෝනා රෝගීන් 50% කින් පහළට

දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ අඩුවීමක්

by Staff Writer . 14-10-2021 | 10:31 AM

COLOMBO (NEWS1ST) :  දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තවදුරටත් ජනතාවගේ සහය අවශ්‍ය බවයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) පැවැත්වෙන කොරෝනා කාර්ය සාධක බලකා රැස්විමේදි සංචරණ සීමා සම්බන්ධයෙන් හා දැනට පවතින නීතිරීති පිළිබඳව සමාලෝචනය කරන බව ද ඔහු සඳහන් කළේ ය. මේ වන විට ඇතැම් පිරිස් මුව ආවරණ නිසි ලෙස නොපළඳින බවක් පෙනෙන්නට ඇති බව ත් එසේ වුවහොත් යළිත් කොරෝනා වසංගතය ව්‍යාප්ත විය හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර තිබේ.