ඉන්දීය ධීවරයන් 23ක් නාවික හමුදා අත්අඩංගුවට

ඉන්දීය ධීවරයන් 23ක් නාවික හමුදා අත්අඩංගුවට

ඉන්දීය ධීවරයන් 23ක් නාවික හමුදා අත්අඩංගුවට

කර්තෘ Staff Writer .

14 Oct, 2021 | 8:52 am

COLOMBO (NEWS1ST) : නීති විරෝධිව උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

ඒ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ද සමගිනි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ බොටම් ට්‍රෝලීං පන්න ක්‍රමය භාවිත කරමින් මසුන් මරමින් සිටියදී මොවුන් සිය භාරයට ගත් බවයි.

පේදුරුතුඩුව සහ වෙත්තලයිකර්නි මුහුදු තීරයට නැගෙනහිරින් වු මුහුදේදී ඔවුන් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් පිරිස මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයට යොමු කර ඇති අතර අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමි ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]