NEWS JUST IN: සහනාධාරයක් නැතිනම්, තෙල් මිල වැඩි කිරීමට සිදුවෙනවා.. ඇමති ගම්මන්පිල කියයි

by Staff Writer . 13-10-2021 | 10:06 AM

COLOMBO (NEWS1ST) : මුදල් අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වන ඉන්ධන මිල සහනාධාර නොලැබුණ හොත් ඉදිරියේදි ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ අයි.ඕ.සි සමාගම පෙට්‍රල් රුපියල් 15 කින් සහ ඩීසල් රුපියල් 25 කින් මිල වැඩි කරන ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කරන්නැයි, අමාත්‍යංශය වෙත ඉල්ලිම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පැවසී ය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට ‍එම ඉල්ලිම් පිළිබඳව සලකා බලමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද ඔහු සඳහන් කළේ ය.