කට වටේට ටේප් එතූ පුද්ගල මළ සිරුරක්

මා ඔය ඉවුරේ කට වටේට ටේප් එතූ පුද්ගල මළ සිරුරක්

by Staff Writer . 13-10-2021 | 8:23 PM

COLOMBO (NEWS1ST) : අද (13) දහවල් කට වටේට ටේප් එතූ පුද්ගල මළ සිරුරක් වරකාපොල තුල්හිරිය මා ඔය ඉවුරේ තිබියදී හමුවිය.

මා ඔය ඉවුරේ මළ සිරුරක් ඇති බවට තොරතුරු ලබා දී තිබුණේ, මා ඔය අසලට පැමිණි පුද්ගලයෙකු විසිනි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වරකාපොල පොලීසිය එම ස්ථායට පැමිණ පරීක්ෂණ ආරම්භ කළේ ය. බුවනෙක රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර වැඩිදුර පරික්ෂණ සඳහා දේහය කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට නියෝග කෙරිණ. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පන්විල පොලිස් වසමේ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.