විදේශ ඇමති සියලු රාජ්‍යතාන්ත්‍රිකයින් එකවර හමුවෙයි

මානව හිමිකම් පිළිබඳ අභියෝග පිළිගැනීමට ශ්‍රී ලංකාව විවෘතව සිටිනවා - ඇමති ජී.එල්.

by Staff Writer . 13-10-2021 | 9:16 PM

COLOMBO (NEWS1ST) : මානව හිමිකම් පිළිබඳව මතුව ඇති අභියෝග පිළිගැනීමට ශ්‍රී ලංකාව විවෘතව සිටින බව විදේශ මාධ්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ජී. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (13) විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවූ අවස්ථාවේදී ය. නව විදේශ ඇමතිවරයා මුල්වරට සියලුම රාජතාන්ත්‍රිකයන් එකවර හමුවූයේ අදයි. ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ, මානව හිමිකම් සම්බන්ධයෙන් දේශීය සිවිල් සමාජ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමග අවංකව සාකච්ඡාවල නිරත වන බවයි. GSP+ සහනය අඛණ්ඩව පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අත්‍යවශ්‍ය කරුණක් බත් ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය අවශ්‍ය බව ත් විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කළේ ය.