අසාද් සාලි අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි, නියෝග

අසාද් සාලි අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි, නියෝග

by Staff Writer . 13-10-2021 | 8:29 PM

COLOMBO (NEWS1ST) : බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 වැනිදා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (13) නියෝග කළේ ය.

මේ නියෝගය ලබා දුන්නේ පසුගිය මාර්තු 09 වැනිදා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබු නඩුව මෝසමක් මගින් කැඳවමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීමකට අනුවයි.