සුබ්‍රමනියන් ස්වාමි ජනපති හමුවෙයි

සුබ්‍රමනියන් ස්වාමි ජනපති හමුවෙයි

සුබ්‍රමනියන් ස්වාමි ජනපති හමුවෙයි

කර්තෘ Staff Writer .

13 Oct, 2021 | 9:27 pm

COLOMBO (News 1st) : දිවයිනට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා අද (13) පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවිය.

මෙම හමුව සිදු වූයේ, ජනාධිපති කාර්යාලයේදියි.

සුබ්‍රමනියන් ස්වාමි මහතාගේ මෙවර සංචාරයේදී නැවතත් ඔහු හමුවීමට ලැබීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කර තිබේ.

මේ අතර සුබ්‍රමනියන් ස්වාමි මහතා අද පෙරවරුවේ වැල්ලවත්තේ පිහිටි මයුරපති ‍ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලේ ආගමික වතාවත්වලට එක් වූ අතර පසුව රටේ වත්මන් පාලනය පිළිබඳව නිවුස් ෆස්ට් වෙත මෙලෙස අදහස් පළ කළේ ය.

”මහින්ද රාජපක්ෂ බලයේ සිටින තුරු කනගාටුවක් නැහැ. වෙන කවුරුත් දුකින් ඉන්න හොඳ නෑ කියලා ඔහු සිතනවා. ඉන්දීය රජයේ වගකීම තමයි ශ්‍රී ලංකාව වැනි සහෝදර රටකට සහයෝගය දැක්වීම. මේක කරන්න, අරක කරන්න , ඇයි ඒක කළේ නැත්තේ ඇයි මේක කළේ නැත්තේ? කියලා අහන්න හොඳ නෑ. ඒකට අපිට බලයකුත් නැහැ. සහෝදරත්වයෙන් උදව් කරන රටක් විදියට හිටියොත් හැමෝම අගය කරාවි. ඉන්දියාවේ කැමැත්තත් ඒකමයි”

13 වැනි ව්‍යවස්ථා සශෝධනය සහ පළාත් සභා මැතිවරණය පිළිබඳව ද ස්වාමි මහතාගෙන් අප විමසීමක් කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ස්වාමි මහතා පවසා සිටියේ, ඒ් පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවයි.

”ඒ ගැන අධ්‍යයනය කරනවා. මං ආයෙත් එනවා. ඒ අවස්ථාවේදී මේකේ මොකක් ප්‍රගතියක් තියෙනවා ද කියලා බලනවා. ඉන්දියාවේ ඉන්න අපගේ විදේශ කටයුතු ලේකම්තුමාත් මෙහේ ඇවිල්ලා ඒ ගැන විවිධ අවස්ථාවල කථා කරලා තියෙනවා”

මේ අතර සුබ්‍රමනියන් ස්වාමි මහතා ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් සමග නව රාත්‍රී පුජාවකට එක්විය.

මේ අතර සුබ්‍රමනියම් ස්වාමි මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් හමුවෙමින් ඉන්දු ලංකා ධීවර ගැටලු සම්බන්ධයෙන් සහ කඳුකරයේ දියත් කළ යුතු සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]